Thursday, September 22, 2016

කුරුටු ගෑ පැල් කවි



පෑයු ඉර සමුදුර සැඟවුණා                               දෝ
නිලඹර සඳ රාහුට හසුවුණා                            දෝ
පන්හිඳ කුරුටු ගෑ හොරු ගෙන ගියා                දෝ
කුරුටු ගී පවුරට සෙනසුරු ලබා                      දෝ

සමුදුර සැඟවුණත් හිරු යළි                     පෙනීයන්
රාහුගෙන් මිදී යළි සඳ                             නැගීයන්
හොරු ගෙන ගියත් පන්හිඳ පණ               පෙවීයන්
කුරුටු ගී පවුර නැවතත්                             පිපීයන්

                   
                                                      ඩබ්.ටී වීරසිංහ

Monday, September 19, 2016

පිටුපා ගියේ ඇයි......



නෙතු සන් කළේ ඔබ
කිම මියුලැසි
පිටුපා ගියත් මට
අමතකව නෑ දැන්
ගිනිගන්න නෙතු අග
කඳුලක්ව නිතරම
හමුවේද... නොමවේද...
ඔබ යළි තවත්...

නෑ උරුම මේ ලොව
සැනසුම් පවන්
සුවඳ රොන් බිඟු රස කෝ
නිදි නැති යමේ
ආදරේ වේදනා
විරහ ගී සරසලා
දියවෙලා යයි මගේ
තුණු යම ඉතින්...

රෑ අහසෙ තරු පමණයි
තනියට මගේ
තරුපතිද නිති හිනැහෙයි
ඔච්චමට වගේ
ආදරේ වේදනා
සඳ කිරණෙ දියවෙලා
ගලා යයි ජීවිතේ
හුස්මට උඩින්...



 

අසංක ගයාන් අබේසිංහ

Thursday, September 8, 2016



මිදි කයි ද ? නරි


  
නොතිත් ආශාවෙන්
රැස් කරයි ධනය
නරයා
මිදි ඇඹුලය කියා
අත් හැරීමේ සුව විඳී
නරියා
ඉස්පිල්ලක වෙනස
පහදයි ගැඹුරු දහමක්..


ඩබ්.ටී වීරසිංහ
Related Posts Plugin for WordPress, Blogger...