Wednesday, April 27, 2016

......මාල කවි......




                                  එදා
                          ඔයාට මතකද
                         අපි හීන මැව්වා
                             දවස ගැන
                                  අද
                         ඔයාට පුළුවන්ද
                      කියන්න එදා වගේම
                         ආදරෙයි කියා
                                 මට
                        තවමත් පුළුවන්
                     හිතේ කහටක් නැතුව
                        කියන්න ඔයාට
                             ආදරෙයි
                     බලන්නකෝ ආයෙත්
                  පරණ හැඟුම්බර විදිහටම
                       වගේම ඇස්වලින්
                                එදා

 


                                                                   -අසංක ගයාන් අබේසිංහ-

47 comments:

  1. වෙනස්ම කවියක්ය. අගනේය

    ReplyDelete
  2. Replies
    1. නෑ...නෑ...මාල කවියක්...

      Delete
  3. Replies
    1. ඔව් ඔව් උඹනම් දරුණුයි කියල දන්නවා...හැහ්...

      Delete
  4. ආයෙත් බලන්න පුළුවන් වේවි.කලබල නොවී කාලයට ඉඩ දෙන්න.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම කාලය තමා කෝකටත් තෛලය...

      Delete
  5. ලිව්වා නේද
    කවියක් එක්වෙලා
    කුරුටුලා
    ගී පවුරේ කෙළවරක
    ඉඳගෙන රවුමට
    කැරකි කැරකි
    යන අපුරුව
    නිසාම
    හිතුනා කියවන්න

    ReplyDelete
    Replies
    1. ආවා
      නේද උඹ
      කාලෙකට පස්සෙ අද
      කියලා යන්න
      කවියක්

      Delete
  6. එදා
    අැස්වල නොතිබුණු
    කණ්නාඩි දෙක ගැලෙව්වොත්
    පෙනේවි හැඟුම්බර කම
    එදා මෙන් තිබෙන
    අද

    හැක්..

    ReplyDelete
    Replies
    1. අම්මපා
      මට දෙන්න
      හිතයි උඹට දෙකක්
      ඇස් නිලංකාර
      වෙන්න

      Delete
  7. වෙනස් විදිහක නිර්මාණයක්

    අපූරුයි...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නිර්මාණි...

      Delete
  8. ගොඩක් ලස්සනයි අයියා... මාල කවිය...
    ජය!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රොහාන් මලේ...ජයවේවා...

      Delete
  9. එදත්, අදත්, හෙටත්, ඒ බැඳීම නොබිඳේවා!

    ReplyDelete
    Replies
    1. විචා සීයටත් ආච්චිටත් එසේම වේවා...හැක් හැක්...

      Delete
  10. මාල කවිය.. මාරයි කුරුටු

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නිදහස්...

      Delete
  11. පුළුවන් වේවිද ඒ ලෙසටම බලන්න අද එදා මෙන්

    ReplyDelete
    Replies
    1. එදාටත් වැඩිය හොඳින් වැව්...

      Delete
  12. ආදරේ...හැක් හැක්...

    ReplyDelete
    Replies
    1. හැක්...හැක්...ආදරේ...

      Delete
  13. එහෙම කියන්න පුළුවන් අය අල්පයි... ඊයේ වෙනස්වෙනවා අද ! හෙට තවත් වෙනසක් ! අගෙයි කුරුටු ගෑ ගී පවුර !

    ReplyDelete
    Replies
    1. වෙනස් වීම තමා හැටි...බොහොම ස්තුතියි...

      Delete
  14. Replies
    1. ස්තුතියි ඉන්දරේ...

      Delete
  15. ඒක පාර්ශවික ප්‍රේමය ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ඔව් බං ඒකෙ ප්‍රශ්න නෑනේ...තියෙන්නෙ හඳ එළිය, මද පවන, සිනා කිංකිණි, ලස්සන කොළ පාට, සුදු වැලි පාර වගේ දේවල් විතරමයි...හැක්...හැක්...

      Delete
  16. Jජයව්ව්වේවා

    ReplyDelete
    Replies
    1. ජයවේවා...ජයවේවා...

      Delete
    2. මූ ඊයෙ රෑ වෙනකල් වැඩකරල ගියපු පාර දෙක වෙන්න දාලද කොහෙද. හැක්..

      Delete
    3. ඊයේ රාත්‍රී දහයයි හතලිස් පහ වන විට විදානේ හොද සිහියෙන් නොසිටි බව මනාව පෙනී යයි.....

      තුෂාර

      Delete
  17. එදා හඳමයි අදත් යෞවනයේ..
    එහෙත් අප දෙදෙනා..

    ReplyDelete
    Replies
    1. බලන් කැඩපත සොඳුරියේ...

      මනෝෂ් ගොඩක් කාලෙකින්...දැන් කොල්ල හුඟක් බිසි වගේ...

      Delete
  18. ඒ තිබ්බ ආදරේ
    දැන් ඇති මැකී ගොස්
    නුඹ හටත් අමතකව
    වතුරෙ දාලා පාට ගත්තත්
    රත්තරන් මාලයේ
    ආදරයක් හැකිවෙද
    අලුත් කරන්නට
    මිය ගියපු පෙර දි‍නේ

    (ඔව් ඔව් ඉතිං ජරාම රිප්ලයිකවියක් තමා ඒත් මේ කවිය කියෙව්වට පස්සෙ හිතුණ දේ ලියන්නම හිතුණ..:)
    කවිය නං ලස්සනයි කුරුටු... ජයවේවා

    ReplyDelete
    Replies
    1. උඹත් මාර කවියෙක් නේ...දැන් අවන්හල වහල වගේ නේ...අපිට ප්ලේන්ටියක්වත් බොන්න ඒක ඇරපන් ආයෙ...

      Delete
  19. එදා
    අපි මැවු හීන
    අද
    ඔයා බොඳ කලා
    මගේ
    රැවටුනු හිතට
    ඔය
    ආදරේ තරම
    මෙදා
    කඳුලක් විනා
    නැහැ නෙත් හැඟුම්
    එදා

    ReplyDelete
    Replies
    1. වාව්...මේ වගේ ඒව වචනෙන් දෙකෙන් කිව්වම වදිනව වැඩි තුශානි...මරු...

      Delete
  20. ශෝප් එකෙන්
    අතට
    දියමන්ති මාලය
    ගත් විට
    ගැලූ
    ආදරය..
    හෙහ්
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අම්මට හුඩු...ගස්ලබු කවි...

      Delete
  21. වචන පොඩ්ඩක් වෙනස් කරලා "ටයර් මාල කව්" කියලා එකක් ලියන්නත් පුලුවන්. එදා සහ අද........

    ReplyDelete
    Replies
    1. ටයර් එකේ තමා යන්න වෙන්නේ ආදරේ හරියට නොකළොත්...

      Delete
  22. වෙනස් විදියක කවියක්! හිතට ඇල්ලුවා හැබැයි.. :D

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හැබැයි...

      Delete
  23. මං හිතන්නෙ ආදරය කියන හැඟිම නෙමෙ වෙනස් වෙන්නෙ දෙදෙනාගෙ ආකල්ප තමා වෙනස් වෙන්නෙ..අනිත් ඔක්කොම ටිකකට අයින් කරන්න පුලුවන් නම් අදත් එදා වගෙම ආදරේ පිරුනු හැඟිම්බර ඇස් වලින් බලන්න පුලුවන් උනත් ගොඩක් වෙලාට උනු දේවල් නිසා මුණවත් බලන්නෙ නැති ගානට එනව... මේ වගේම "මාලයක්" ගැන කතාවක් ලියවෙනවා... ලඟදිම....

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...