Monday, August 4, 2014

සත්තකින්ම...... ඔබ මගේ හදවතේ ජීවමානයි......!!!























මෙය නිකම්ම නිකම් අදහසක් කියන වචන ගොඩක් නොව......

මගේ හදවතින්ම පැනනගින සිතුවිලි සමුදායක්ම වෙයි......

කලකට පෙර......

කවුරුත් නොදන්නා අයකු ලෙස
නිර්මාණ ගොඩක් අතැතිව
එහෙත් එළිදක්වන්නට නොහැකිව
ඉබි කටුවක් තුළට වැදී සිටි මා

ඉන් ඉවතට රැගෙන
ලෝකයාට මගේ නිර්මාණ පෙන්වන්නට
ඉඩ හසර දුන්නේ ඔබයි......

කුරුටු ගෑ ගී පවුරේ...... ඉතින් ඔබට මගේ ඉහළම ප්‍රණාමය......!!!

එතෙකින් නොනැවතී......

මගේ නිර්මාණ අගය කරන
ඒවා විචාරයට ලක් කරන
ගුණ දොස් කියාදෙන
සදා ලබැදි සහෝදර මිතුරු පිරිවරේ......

ඔබව මට මගේ මුළු පවුලම ලෙස දැනෙනවා අද......

ඔබේ අවංක සුභ පැතුම් නිසා ලද තරම් සතුටක්

මට අන් කිසිදාක දැනී නැත...... සත්තකින්ම......

ඔබටයි මගේ මේ උතුම්ම ආචාරය......!!!

ඔබයි මගේ ජීවය......

ඔබයි මගේ ශක්තිය......

ඔබයි මගේ වාසනාව......

ඉතින්.......

මේ සියළු දේ මා වෙත ලබාදුන් ඔබ සැමට

මගේ ගෞරවණීය ස්තුතිය......!!!


අසංක ගයාන් අබේසිංහ

23 comments:

  1. ආව වගේම
    යන්නට තව ඉස්සරහට...
    නිමක් නොවන කතා ළග
    නිමක් නොවන ගැරහුම් මැද
    නොසැළී නොගැටී නොතැවී
    ඉදිරියට යන්නට ශක්තිය වේවා...

    ඔබට ජයෙන් ජය

    ReplyDelete
    Replies
    1. මගේද අදිටන
      ඔබේ දිරිමත් කිරීම් මැද
      දිගු ගමනක් යන්නටම ය....

      ගොඩක් ස්තුතියි මහේෂ්...... හැමදාමත් අපිත් එක්ක ඉන්න...

      Delete
  2. හැමදාම පුළුවන් උපරිමෙන් අපි එක්ක රැදි ඉන්න දිලිනියෝ ...තව ,තවත් වැඩි වැඩියෙන් ලියන්න ලැබේවා!ජයෙන් ජය!

    ReplyDelete
    Replies
    1. ඒ බං.......මගේ නම අසංක.......දිලිනි නෙවෙයි....... ඒත් කමක් නැතෝ..... මම සුභ පැතුම භාර ගන්නම්කෝ.... ඒක නෙවෙයි..... ඇයි මේ දිලිනිගෙම නම කියවෙන්නෙ ඈ...............???

      Delete
    2. මේ කිඹුල් ශානු පටලෝගෙන දිලිනි කියන්නේ කුරුටු ගෑ ගී පොත ලියන කෙනා.. ඒ කියන්නේ අර කාලයක් ලස්සන අහිංසක චූටි නිහඬ නංගියෙක් බැන බැන ගියේ, ඒ මෙයාට.. එහෙමත් නැත්නං මේ දවස්වල "සදානන්දකරවූ.... 1,2,3,4,5,6,7,8,9,10,11,12,13,14,15,16,17,18,19,20,21,22,
      23,24,25,26,27,28,29,30,31,32,33,34,35,36,37,38,39,40,........178 යනාදී වශයෙන් සුන්දර කථාවක් ලියන්නේ... අසංක ගිහිං නැත්තං පොඩ්ඩක් ඔළුව දාල බලන්න දාපු ලින්ක් එකට....

      Delete
    3. ඔය උඩින් කුරුටු ගෑ ගී පොත කියන තැනත් මේ ලින්ක් එක දාල ඇති..
      http://kurutugegeepota.blogspot.com
      (ලින්ක් එකක් දැම්මම පාට වෙනස් වෙන විදියට සෙටිංස් වෙනස් කරොත් නරක නෑ නේද)

      Delete
    4. ඔව් ඔව් විදානේ..... මටත් පස්සේ තේරුණා ශානු ට ටැපලිලා තමයි කියලා......ඒත් ඉතිං හොද එකානේ...ස්තුතියි විදානේ ලින්කුව දැම්මට....මම කලින් ගිහින් නෑ....ගිහින් බලන්නම ඕන වගේ දැන්නම්.....සෙටිංග්ස් වෙනස් කළොත් නම් හොඳයි තමයි....ඒකත් ඉදිරියේදී කරන්නම්කෝ.....

      Delete
  3. Hi i am kavin, its my first occasion to commenting anyplace, when i read this piece of writing i thought i could also
    make comment due to this sensible paragraph.

    Allso visit my web site :: web page

    ReplyDelete
  4. අර විහිළු කතා මහ එකතුවෙනුත් කොටස් එළිදැක්වීමට ඇරයුම් කරනවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබතුමාගේ ඇරයුමට.......තව බලන්න ඕන ඉස්සරහට මොනවද කරන්නේ කියලා.......කොහොම වුණත් විහිළුවත් අපේ ජීවිතේම කොටසක්නේ....අපේ මෝඩකම් වලට අපිටම හිනාවෙන්න පුළුවන්කම තියනවනම් ඒක තමයි හොදම දේ......ඒකෙන් අපේ ජීවිත ලස්සන වෙනවා වගේම අනෙක් අයගේ ජීවිත ලස්සන කරන්නත් පුළුවන්.......ස්තුතියි නැවත වතාවක්.....

      Delete
  5. මේ නිහතමානිකමම කොච්චර වටිනවද අසංක. ඒක ඔබේ නිර්මාණ දිවියටත් ආබරණයක්.

    අසංක ඔහොම කියනකොට මට මතක්වෙන්නෙ මාවමයි. මගේ නිර්මාණ හැකියාව මාත් ගොලුබෙලි කට්ටක් ඇතුලෙ හංගගෙන ඉද්දි බලහත්කාරෙන්ම ඒක එළියට ඇදල අරං මාව මේ බ්ලොග් ලෝකයට අලුත් නිර්මාණකරුවෙකු ලෙස හඳුන්වලා දුන්නෙ ගී පවුරමයි. ඒ නිසා ගී පවුර කියන්නෙ මටනම් මගේ නිර්මාණ දිවියට ක්ෂේමභූමියක්.

    අසංකට මගේ සැලියුට් එක. ගී පවුරට මගේ හදපිරි ප්‍රණාමය.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි මනෝෂ්......ඇත්තටම හැමෝම නිහතමානී වුණොත් මේ ලෝකය කොයි තරම් ලස්සන තැනක් වෙයිද......ඔබ කිව්වා හරි......ගී පවුර අපි වගේ ගොඩක් දෙනකුට වේදිකාවක් හදල දුන්නු තැනක්.......ඒ වගේමයි ඔබත් ඇතුළු බ්ලොග් සගයනුත්......අපි හැමෝගෙම එකතුවෙන් තමයි මේ තරම් ලස්සන අදහස් සහිත අවකාශයක් ලෝකයට විවර වෙලා තියෙන්නේ.....ඉදිරියටත් අපි හැමෝම සහයෝගයෙන් ඉදිරියටම යමු......

      Delete
  6. මම ලියන බහුබූත කියවන්න කව්රුත් නැතිව ඉන්න වෙලාවක ලියන එක නවතන්න එපා කියල උනන්දු කරන හතර පස් දෙනා අතර ගී පවුර ඉදිරියෙන් ඉන්නවා.
    ගොඩක් ස්තුතියි
    අනාගතයට සුබ පැතුම්.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි ජීවන ඔබේ සුබ පැතුමට.....ඇත්තම කතාව කිව්වොත් ඔය හැමෝම බහුබූත කියන අදහස්ම තමයි සමාජයේ ලොකු පෙරළියක් කරන්නේ.......කාට බහුබූතයක් වගේ පෙනුණත් කිව යුතු දේ ඒ විදිහට හරි කියන එකම කොයි තරම් වටිනවද......අපි ගොඩක් දෙනෙකුට බැරිත් ඒ දේම තමයි.....ඔහොමම ඉදිරියට යමු.....

      Delete
  7. ස්තුති ඕන නෑ අසංක, බැන්නත් එනවා.. කොමෙන්ට් කරනවා....

    ජ ය වේ වා !!!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි විදානේ......ඔබ වැනි අය අපට මහා ශක්තියක්.....ඒත් අපි කවදාවත් බනින්නෙ නම් නෑ හොඳේ......

      Delete
  8. ප්‍රණාම, ස්තූති පුදන්න ඕන අපියි.……… හොද නිර්මාණ ඉදිරිපත් කරන ඔබ සැමට.

    ReplyDelete
    Replies
    1. අඩේ ප්‍රියා උඔ මටත් ස්තති කරපං කො...

      Delete
    2. ඔබ වැනි අය වෙනුවෙන් නිර්මාණ කරන්න ලැබීමත් අපට ආඩම්බරයක්.... ගොඩක් ස්තුතියි ප්‍රියා....හැමදාමත් අපිත් එක්ක ඉන්න.....

      Delete
  9. සුබ පැතුම් මචෝ..

    ආයු බෝ...ජය වේ..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි ඔබට.....නිතරම මේ පැත්තට එන්න කියලත් ආරාධනා කරනවා අපි.....ඔබටත් ජය වේවා..........

      Delete
  10. ලියන හැම කෙනෙක්ගෙම සතුට ඒක කියවන අය තමයි.. ඒක අපිටත් දැනෙනවා වගේම අනික් අයටත් ඒක වටිනවා කියලා දන්න හන්දමයි හොද කියලා වැරදි පෙන්නලා විහිළුවක් කරලා ඕනමනම් බැනලා යන්න අපි නිතරම එන්නේ..

    එපා කිවුවත් එනවා බොල..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි දිනේශ්.............. කොයිතරම් දෙයක්ද ඔබ වැනි අය අපි වටේ ඉන්න එක....එන්න...එන්න.....හැමදාම එන්න...........ඔබේ අදහස් අපිට මහා ශක්තියක්......(අපි එන්න එපා කියන්නෙ එහෙම නෑ බොල........)

      Delete

Related Posts Plugin for WordPress, Blogger...