Saturday, June 7, 2014

නියෝජ්‍ය ඇමතිවරුන්ට වඳින ගාථාව .................



අවස්ථාව - පොලිස් පරීක්ෂකවරයෙක් එසැනින් එහි විත් නියෝජ්‍ය අමාත්‍යවරයාට වැඳ සමාව ගන්නයැයි කොස්තාපල්වරයාට නියෝග කරයි.... කොස්තාපල්වරයා නියෝජ්‍ය ඇමතිවරයාට වඳින ගාථාව නොදන්නා හෙයින් පොලිස් පරීක්ෂකවරයාගෙන් එය විමසයි.. පොලිස් පරීක්ෂකවරයා එය නායෝජ්‍ය අමාත්‍යවරයාට වඳිමින් ම කොස්තාපල්වරයාට කියාදෙයි...


මහපාරවල් වල සෙනග අධිකය.
උන් සිතා සිටින්නේ මේක උන්ගේ පාර කියාය.
එනිසා උන් බස් ද, කාර් ද, විටෙක කරත්ත ද,
පාරේ පැදයන්නේ තමන්ගේ පාර වගේය.
නමුත් මෙය උන්ගේ පාර නොවන්නේය.
එය උඹ(තුමන්)ගේ අම්මාගේ පාරය.............

ඒ පාරවල් වල යන්න කොහෙත්ම බැරිය.
එනිසා හැටට හැටේ යන්නට උඹතුමන්ට
අධිවේගී මාර්ගයක් හැදුවේය.
එයට අපි ඉඩම් දුන්නේ ජාත්‍යාලයෙන්ය.
ඒ අධිවේගය නිසා අපේ ගෙවල් 
ගංවතුරෙන් යට වද්දී අපි සතුටින් ඔරු පදින්නෙමු.
එසේ අපි හදා දුන් මේ අධිවේගය
උඹ(තුමන්)ගේ අම්මාගේ අධිවේගය..............

ඒ අධිවේගයේ පොලීසියෙන් දමා ඇත.
ඒ උන්ගේ පාර වාගේ යන සාමාන්‍ය ජනතාව
අල්ලා දඩ ගසා, උසාවි දමා, ලයිසන් තහනම් කර
උන්ගේ එදා වේල පවා නැති කර
පාඩම් ඉගැන්නවීමට පමණක් නොවේ.
උන් හැටට හැටේ ගොස් ඇනගත් විට
එය බැලීමට සහ මිනී ඇදීමට ය.
උඹතුමන්ලාට එම පොලීසිය අදාල නැත
මොකද එම පොලීසිය
උඹ(තුමන්)ගේ අම්මාගේ පොලීසිය ය................

අනික අධිවේගය මොකක්ද?
මේ රටම ගෙන බැලිය හැක්කේය.
අපි ජාත්‍යාලයෙන් උදම්වී 
ජාතිකානුරාගී ගී ගායනා කරමින්
ඡන්දය දී උඹතුමන්ලා මහපුටු වලට යවන්නේ
මේ රටට ඕනෑ දෙයක් කිරීමටය.
මොකද මෙය අපේ රට නොවන්නේය.
මෙය උඹ(තුමන්)ගේ අම්මාගේ රටය................


කසුප් අනුරාධ


.

34 comments:

  1. උඹ තුමන්ගේ අම්මා අද කිබුහුම් යවමින් උඹ තුමන්ගේ අගය තේරුම් ගන්නවා ඇත.

    ReplyDelete
    Replies
    1. ඔව් විචාරකයෝ...

      මෙතුමන්ලා හිතාගෙන ඉන්නේ මේක මෙතුමන්ලාගේ අම්මාගේ අප්පාගේ බූදලයක් කියලා... මේවට අම්මලා අප්පලත් වගකියන්න ඕනේ... මේ වගේ එවුන් හැදුවට...

      Delete
  2. මම වාහනේ කුඩු කරගත්තා.. මටම ගහගත්තා.. එතුමා පැත්ත පලාතකවත් හිටියෙ නෑ....

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. මේ ආණ්ඩුව ආවට පස්සේ ගොඩක් දෙනෙක් තමන්ටම ගහගත්තා. කාර් එකේ ඉදගෙන ඉස්සරහින් අතදාලා තමන්ටම වෙඩි තියාගත්තා. එහෙවු එකේ පොලිස්කොස්තාපල් කෙනෙක් තමන්ගේ ම නැනෝ කාර් එක පුච්චගෙන මල්ලි ඉන්න රටට පනින්න හදන එක එච්චර දෙයක් නෙමෙයි නේ විදානේ....

      මේක මාර ආණ්ඩුවක්... උං(තුමන්ලා)ගේ අම්මාගේ ආණ්ඩුවක්...................

      Delete
  3. අදිවේගී මාර්ග, එතකොටට ලැම්බෝගිනි,
    අපේ බඩගින්න,
    දුප්පත් අපි කාට කාට නයද?

    බෑ, බෑ, දැන් වලි ඇද්දොත් අපේ ලොක්කා තරහ වෙයි.

    ReplyDelete
    Replies
    1. ඒත් ලොක්කා එච්චර දවසක් දුවන පාටක් නෑ වගේ නිමෝ............... දැන්නම් ඉහමොල රත්වෙලා ඇත්තේ...........

      Delete
  4. හි හි අනේ මෙහෙමත් රටක්,,

    ReplyDelete
    Replies
    1. මොනවා කරන්න ද අපූර්වි මේක කරුමෙට අපිට ඉපදෙන්න වුණ රටම වුණානේ.................

      Delete
  5. උඹතුමන්ගෙ දෙමාපිය යුවලටද පිං අත් වේවා.....!

    ReplyDelete
    Replies
    1. සාදු සාදු සාදු.................... සා...............

      Delete
  6. උඹ තුමන්ලා හැමෝම පුළුවන් ඉක්මනින් නිවන් යනවානම් ...සාදු සාදු

    ReplyDelete
    Replies
    1. නිවන් කිව්වේ ඉවාන් දැන් කට්ටිය ම පත්තු කරන් යන හින්දද?????

      Delete
  7. අපේම නයි අපිටම කයි කියන්නෙ ඕකට නෙව අනූ...
    අපි චන්දෙ දෙනව... ඒ කියන්නෙ අපි නයාට කිරි පොවනව... ඌ ලොකු වෙනව... ඇවිත් අපිට දට්ට කොරනව...
    අපි හැදෙනවද... නෑ... ආයෙත් පෙර සේ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මහේෂ් අදහස් දැක්වීමය....

      මේවා නූගත් නොගැලපෙන රටවලට ප්‍රජාතන්ත්‍රවාදය වගේ අමුතු ඒවා උඩින් ගෙනත් දැම්මාම වෙන දේ තමයි ඔය.. ඒක තේරුම් ගන්න තරම් ඔලුවක් තියෙන උන් රටේ නෑ.. යන්තම් ඔලුවක් තියෙන එකෙක් හිටියොත් අර මෝඩ රැළ අන්දගෙන ඒකා පාර්ලිමේන්තු ගිහින් ආතල් ගන්නවා.... මේක තමයි ලංකාවේ දේශපාලනයේ පොළවේ පැළවුණ යථාර්තය........

      Delete
  8. පවු එ් නියෝජ්‍ය ඇමතිතුමා හැමතැනින්ම බැනුම් අහනවා..

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ නියෝජ්‍ය ඇමතිතුමාගේ අම්මත් පව්......

      එයත් හැම තැනින් ම බැනුම් අහනවා......

      Delete
  9. උඹ(තුමන්) ගේ සනුහරේටම පිං අත් වේවා…!!!

    ReplyDelete
    Replies
    1. පිං අත්වී මතු ආත්මයක දී සුගතියේ ම උපදිත්වා.. එතකොටවත් අපිට ගුටි නොකා මැරුම් නොකා පාඩුවේ ඉන්න ලැබෙයි නේ....

      Delete
  10. One of the smallest countries in the world is Sri Lanka. But, so many leaders for a person are also available in Sri Lanka. What a marvelous country??????

    Therefore, we should not worry about these kind of things since we all are Buffaloes.

    From....

    White Man

    ReplyDelete
    Replies
    1. that's right white man,

      thank you for your writing. still we don't understand what is politics and what is democracy.....

      Delete
  11. කසුප් අනුරාධ කියන්නේ දේශා ද්‍රෝහීයෙක්ද මෙහෙම ඒවා ලියන්නේ...?:D

    ReplyDelete
    Replies
    1. හැක්...............

      ඔව් මනෝජ් දැන් රටට ආදරෙන් වැඩක් කරන මිනිහා දේශද්‍රෝහියෙක්, විජාතික කුමන්ත්‍රණකාරයෙක්, ත්‍රස්තවාදියෙක් කියලා තමයි විග්‍රහ කරන්නේ.. ඒත් මේක අපේ රට... ඒ අයිතිය අපෙන් උදුර ගන්න ඔය කාටවත් බෑ.. මේක මං ඉපදුන රට මනෝජ්. ඔබටයි මටයි මේ දේවල් මේ විදිහට දැනෙන්නේ ඒකයි... ඒක දේශප්‍රේමීත්වය කියලා හදුන්වන්න බැරි වුණාට කමක් නෑ. ඒත් ඒකට දේශද්‍රෝහීත්වය කියන උන් ගැනනම් අන්තිම තරහක් ඇති වෙනවා මනෝජ්...............

      Delete
  12. api hdapu adi wege,eke api adhi wegen aascharya kara yana gamanata virudda weema batahirayange kumanthrayak,police karayek eaka karanwaya kiyanne marana danduwama diyauthu waradak.ewun ekka asiawe aascharyata yannabe.

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා................... ආශ්චර්යට යන එක කෙසේ වෙතත් වෙන කොහේ හරිනම් යනවා තමයි කියලා දැන් දැන් අපිටත් තේරෙනවා නේද????

      Delete
  13. ඕකුන් ගැන නම් කතා කරලා වැඩක් නෑ, නිකන් අපේ ඇඟේ ලේ නරක වෙන එකයි අපේ කාලය නාස්ති වෙන එකයි විතරමයි වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ සොමියා.....

      මේවා අපි කතාකරනවා කරනවා ඉවරයක් නෑනේ නේද???

      Delete
  14. අම්මගේ රටක්, අම්මගේ ආණ්ඩුවක්, අම්මගේ පොලිසියක්, අම්මගේ නීතියක්. ඒ ඔක්කොම අමතකකරමුකෝ... හැබැයි ඉන්නෙත් අම්මගේ මහජනතාවක්!

    ReplyDelete
    Replies
    1. ඒ කතාවට නම් මනෝෂ් අපි අත්දෙකම උස්සලා එකගයි......................

      Delete
  15. එහෙම තමා, හරියට වැන්දේ නැත්තම් බර්මියුඩා ත්‍රිකෝණේ ගිලෙන නැවු වගේ වෙන්න තමා වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත දිනේෂ්....

      උන්නද මලාද කියලවත් හොයා ගන්න බැරිවෙනවා නේද දිනේෂ්...............

      Delete
  16. මේ ගාථාව කියා වන්දනා කරනු

    පගා මස්තානං
    ජරාවෙංම ජීව‍තෝ
    වනාන්තර විනාසංච
    හස්ති චෞර ගවේස‍තෝ
    හොරචන්ද ඒක ලක්ඛං
    පාර්ලිමේන්තු ගච්චති
    පරම්පරා ධන උපායං
    ස්ව කු‍ටුම්භ ජායති
    දේශ භක්ෂකානං භූමදානං
    සුසානේ හෙණ ගච්චති
    නත්ථිවර්ෂා හෙණ ආයාචනං
    හතර අපාය ට තොලොංචිච

    අර්ථය

    පගාව ගහමින්
    ජරාවෙන්ම ජීවත්වෙන
    වනාන්තර වනසන
    අලි පැටව් හොරකමේ යන
    හොර චන්ද ලක්ෂගනන් දාගෙන
    පාර්ලිමේන්තුවට යන
    පරම්පරාවටම හම්බකරගෙන
    තමුන්ගෙ පව්ලටම සැපදෙන
    රටම කන මේ යකා
    වලලපු තැනටත් හෙණම ගහපිය
    වැහි නැති හෙණම ගහපිය
    හතර අපායටම තොලොංචිවෙය !

    තුන්පාරක් මතුරා වඳිනු..

    ReplyDelete
    Replies
    1. ලංකා පට්ට.....

      පද ටිකනම් පට්ටම පට්ටය. එකක්වත් අතඇරී නැති ගානය... මේක තව ටිකක් හැඩ කරලා එහෙම දාමුකෝ බ්ලොගයේ............

      අගෙයි අගෙයි .... ස්තූතියි මහන්සියට.......

      Delete
    2. මේක ගැලපෙන්නෙ මෙතනටයි !

      Delete
    3. කොහොම හරි කමක් නෑ............ ස්තූතියි

      Delete

Related Posts Plugin for WordPress, Blogger...