Thursday, March 20, 2014

ඉතින් මට යන්න අවසරයි................




සිහින මාළිගා පැතුම් පොදි බැඳන්
අහස් කුස උස සිනා රැස් කරන්
දුටුව නෙත් සුබ සිහින කැටිකරන්
බැඳුනි දෑඟිලි සිතම සනසමින්......

දිනෙන් දින සති මාස ගෙවුණා
අහස උස මුදු සිනා දැවුණා
මගේ දිවියම අඳුරු කරවා
හොර රහසින්ම ඔබ මට සිනාසුනා.......

හඬා වැටුනෙමි නොරිදවන් මට
වැයුව වන් විය බීරි අලියට
අයැද ඔබ වෙත නමමි දෑතම
යන්න හිමියනි ඔබේ ලොව වෙත.........

වඳන් සඟවා මුසා දෙසුවත්
දෙනෙත් ඔබෙ මට සඟව සිටියත්
කතා කෙරුව ඔය මුදු දෑසමත්
ගෙන හරියි ඔබෙ දෙබිඩි දිවියත්.......

බඳුනු පමණින් රන් හුයෙන් අප
පොතක ලියු මුත් දිවි රකින්නට
නිම කරන්නට දෙබිඩි දිවියම
වෙන්ව යමි මම මගේ ලොව වෙත..........

තුටු සිනා මුදු ලොවට පෙනෙන්නට
තවත් නොහැක මට බවුන් වඩන්නට
ඔබගෙ ලෝකෙ රන් සිනා මැවෙන්නට
පතන්නෙමි මට යන්න අවසර...........



කාංචනා චන්ද්‍රසේකර



15 comments:

  1. බිරිඳ මගේ ඔබ,
    නෑ මා ඔබගේ බිරිඳ නොවේ,
    දෑඟිලි හුයකින් බැඳි පමණින් මා
    ඹබගේ බිරිඳ නොඳවේ....

    කවි පේලිය කියෙව්වම මතක් උනේ මේ සින්දුව..
    ඇත්තටම ගැලපෙන්නැත්නම් වෙන්වෙන එක තමයි හොඳ
    මොකද තවත් බර හිතේ තියාගන්න ඕන නෑනේ...

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. මටත් මතක් වුනේ ඔය සිංදුව.

      Delete
  2. .නොගැලපෙන අදහස් ගලපන්න උත්සාහ කරල අපසසු වෙද්දි මේ තීරණයට එන්නම වෙනවා.ජීවිත දෙකක වටිනාකම පවත්වාගන්න උත්සාහ ගන්න එක කළ යුතු වෙනවා.යමෙක් දෙයක් අතහරින්නෙ හේතු සහිතවනෙ විදානෙ..........

    ස්තුතියි ගොඩවුණාට.............

    ReplyDelete
  3. කවි වලට නම් බොහෝ විට මට දාන්න වෙන්නෙ එකම අදහස තමයි. මොකද, කවි රස විඳින්නට පමණයි මං දන්නෙ. ඉතින් මේ කවි පෙලත් කියෙව්වා කියා යන්නම්.

    ReplyDelete
  4. ඔබට පිං කියලා කියන්නද එහෙනම්..........

    ReplyDelete
  5. මේ පව්රේ කී දෙනෙක් කුරුටු ගානවද මොකක්ද මේ තැන කියල හරි විස්තරයක් කියන්න පුළුවන්ද.. නොදන්න නිසා නේ අහන්නේ

    ReplyDelete
    Replies
    1. මේ පවුරෙ අපි 10ක් කුරුටු ගානවා දේශකයා.කුරුටුගාන අපි කියලා බ්ලොගයේ උඩින්ම ඒ ලිස්ට් එක පෙන්නලා තියනවනේ.නිතරම ලියන්නෙ නම් දෙතුන් දෙනයි.///මොකක්ද මේ තැන/// කියලා ඔබ ඇහුව දේ නම් තේරුණේ නැහැ........

      Delete
    2. ඔය වස්තරේ තමා ඕන උනේ දැනගන්න.. ස්තුතියි..

      Delete
  6. ඇත්තටම නොගැලපීමම ගැලපීමක් කරගෙන ජීවිතේ සාර්ථක කර ගන්න බැරිද? වෙන් විය යුතුමද? :(

    ReplyDelete
    Replies
    1. නොගැලපීම ගැලපීමක් කර ගන්න පුලුවන් නම් හොදයි නමුත් ප්‍රියා කොයි තරම් උත්සහා කලත් එක කරන්න බැරි දෙයක් නම්.?ලෝකෙට පේන්න එකට ඉන්නවාට වඩා වෙන්වීම තමයි සුදුසු මට හිතෙන විදියට.නමුත් එහෙම වෙන්වෙන්න නොගැළපෙන අය එකතු වෙන්නේ ඇයි කියන්න මම දාන්නේ නැහැ.

      Delete
    2. නොගැලපීම ගලපන්න ගියහම දෙපාර්ශවයටම හේතුවක් නැතුව දුක් විදින්න වෙනවා, අනික ඒ හැමදේම අන්තිමට පලක් නැති වෙනවා.
      මගේ හැගීම.

      Delete
  7. හිතාගන්න බැරි තරම් වේදනාවක් මේ කවි පෙලේ මම දැක්කා. සාර්ථකයි.

    කවි කතන්දර සම්බන්ධව විචාරකයෙක් නොවෙමි.හුදෙක් සිතුන දේ හා දැනුන දේ අකුරු කලෙමි.
    ජය වේවා...!

    ReplyDelete
  8. ඒ කියන්නෙ නිමෝ මම බලාපොරොත්තුවෙන් කුරුටු ගෑ අදහස ඔබට දැනිලා.
    ස්තුතියි කමෙන්ටුවට...........

    ReplyDelete
  9. එපා තවත් ඔබ මා රවටන්නට කියන සිංදුවත් මතක් උනා...
    නොගැලපෙනවා කියල දැන දැනම අනිත් කෙනා දෙබිඩි ජීවිතයක් ගත කරනවා කියල දැන දැනම ලෝකෙට පේන්න එකට ඉන්නවට වඩා මේ වගේ වෙන් වීමක් දෙන්නටම හොඳයි කියල හිතෙනවා වෙලාවකට

    ReplyDelete
  10. මට ඔබ විතරක් වුණාට නුඹට ඉන්නෙ මම විතරද...........ඇත්තටම මේ වගේ වෙන්වීමක් අසාධාරණ නැහැ කියන එක තමයි මගෙත් අදහස............
    සතුතියි අදහස් වලට

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...