Monday, January 13, 2014

උඹලට ලැජ්ජා නැති වුණාට අපිට ලැජ්ජයි .....///



දුම්වැටි පිටු දැකීමේ දිනය
බෝඩ් උස්සං, කටවල් වල, නහය වල් වල පටි බැදගෙන
වටරවුම් ගානේ දාඩිය පෙරා ගෙන,
ගෙදරින් ගෙනාපු බත් එකවත් කන්න තැනක් නැතුව
කටේ කෙළ හිදිලා දිව ගිලෙන්න එනකං
මොකක් ද මේ නටන විලි ලැජ්ජා නැති නාඩගම.........................

ඔය බෝඩ් උස්සං ඉන්න කීයක්
අද සිගරට් බිව්ව ද ????
ඔය බෝඩ් උස්සං ඉන්න කීයක්
තුන් හිතින් ම කැමැත්තෙන් ඕක කරනවා ද ????
ඔය බෝඩ් උස්සං ඉන්න කීයක්
ඕක කරලා දුම්වැටි නවත්තන්න බෑ කියලා දන්නව ද ????
ඔය බෝඩ් උස්සං ඉන්න කීයක්
ඇත්තට ම දුම්වැටි උවදුර නැති කරන ක්‍රමය දන්නව ද ????

ඇත්තට ම ඔය බෝඩ් එක උස්සං ඉන්න ඕනේ
පාරේ මිනිස්සුන්ට පේන්න නෙමෙයි.
ඔය බෝඩ් උස්සං තම තමන්ගේ අමාත්‍යංශ වල
මහඋන්ට පේන තැනකට ගිහිං
ඔය කෑ ගැහිල්ලම කරා නම්
මහ උන් රැස්වෙන පාර්ලිමේන්තුවට හරි කැබිනට් එකට
අමාත්‍යවරයෙක්ගේ යෝජනාවක් විදිහට
දුම්වැටි තහනම් කිරීම ගෙනිච්චනම්
ඔය බොරු නාඩගම් එකක් වත් නැතුව
මතට තිත වගේ ලස්සන වචනවත් නැතුව
ආණ්ඩු පක්ෂයටයි, විපක්ෂයටයි දෙගොල්ලන්ට ම
සහෝදරකමින් එකතු වෙලා ඒක තහනම් කරන්න පුළුවන්නේ.........................

හැබැයි
අපි හැමෝම දන්නවා ඒක එහෙම වෙන්නෑ කියලා.

එහෙනම් අහවල් එකට ද ඔය දිනේ .................
අහවල් එකට ද අපිට ඔය බෝඩ් පෙන්නන්නේ ....................
අහවල් එකට ද යකුනේ කෑ ගහන්නේ ..................

උඹලට ලැජ්ජා නැති වුණාට අපිට ලැජ්ජයි ..............................///


කසුප් අනුරාධ

.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...