Thursday, September 5, 2013

හරමානිස්ගේ ඡන්ද තේරීම ............



ජනාධිපතිවරණය, මහමැතිවරණ,
ප‍්‍රාදේශීය සභා ඡන්ද මදෑ බං.................
අහවල් කෙංගෙඩියට දෑ
පළාත් සභා .......................

මට නං ඔය මක්කක්වත්
තේරෙන්නෑ කොලුවෝ .............
හැම ඡන්දෙකදිම පෝස්ටර් වල ඉන්නේ
මහින්ද මහත්තෑනේ..................
ඡන්දෙන් පස්සේ පැරදුනා කියන්නේ
රනිල් උන්නැහැනේ............................

ඉතින් උං දෙන්නට එක තරගයක් තිබ්බනං
ඇති නෙව
හැමදාම ඡන්ද මොකටෙයි ...................

හැමදාම බෙදන
ලැට්කටවල්, ටකරං,
ඇස්කන්නාඩිවලින් හරි
හීං එවුන්ට පොත් පත් බෙදන එකෙන් හරි
ඡන්ද වරිගේ හොයාගන්න බෑ කොලුවෝ ............................

හැබැයි ඒකට ත් කරමයක් තියෙනවා.
ප‍්‍රාදේශීය සභා කියන එකේ දී කෑම දෙන්නේ
මහතුං මලයලෑ ගෙදර දි ...........
පළාත් සභා කියන එකට කෑම දෙන්නේ
විලිසොං අප්පොලාගේ දිහෑදි ...............
මහමැතිවරණයට කන්න දෙන්නේ
දිසානායක ඇමතිලෑ දිහෑදි .................

ජනාධිපතිවරණයට විතරක්
කලිං නම දාගෙන
අයිඩිංඩිය පෙන්නලා
බස් එකේ ගොහිං
ජනාධිපති මන්දිරේ දී නෙව කන්නේ..................

ඕං  ඕක තමා ඔය ඡන්ද වල වෙනස ......................


තුෂාර විතාරණ

.

4 comments:

  1. ෂහ් නියම අදහස මල්ලි...කවි ටික හරිම නිර්මාණාත්මකයි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අගය කිරීමට.

      ඇත්තට ම රටේ සාමාන්‍ය මිනිස්සුන්ට අනුව ලං‍කාවේ දේශපාලනය කියන්නේ වෙනමම දෙයක්. කයිය ගහන්න විතරක් දේශපාලනය යොදා ගන්න මිනිස්සු විතරයි ඉන්නේ. ඒකනේ පිල්ලෙට කසාද බදින්න එන්න කියන අැමතිලයි ඒ කතාව මාර විදිහට විචාරය කරන රෑපවාහිනී නාලිකායි ලංකාවේ තියෙන්නේ.

      Delete
  2. නියමෙට ලියලා තියෙනවා.මේක තමයි ඇත්ත.

    ReplyDelete
    Replies
    1. බොහ‍ොම ස්තූතියි.

      Delete

Related Posts Plugin for WordPress, Blogger...