Monday, September 23, 2013

කිසිදා හමු නොවන ඈ.........














මා සිත් රූ හා
සමයි.
නෑ ඒත්
ඇගෙ නෙත් ඒ ලෙස
නොවේ.
දිගැසියකි මා සිත
ඇදුණු ඈ.
මැය නම් සමයි
ඇස් කතාව යන ගමන
නෑ..අපොයි
පටු නළලැත්තියකි.
මෑ වේ මා
සිත හා සම ඈ.
දිග ඇස් කතා බහ ගමන දිග් කෙහෙ
ඇති ඈ කේශාවියකි.
නෑ ඇගේ මුහුණ
සිත් නොගනි
දිගැටි මුහුණකි.
මැ නම් ඇයමයි
ඇය ඇයම වී ඇති බවකි.
ලස්සන දිග ඇස් කතා බහ යන ගමන දිග කෙහෙ වටකුරු මුහුණ
ඔව් ඒ ඈමයි
ඈම තමයි
මා කියමි ඈට
මගෙ සිත
ඔව් දැන්ම
මේ දැන්ම
නෑ............!
වෙන්න බෑ..
ඈ අන්ධයි
නෑ!.නෑ!..නෑ!......නෑ!

හසිත හර්ෂණ

3 comments:

  1. ලස්සන සිතුවිල්ලක් හසිත.....අන්ධයි කියන වචනෙට සමාණ කාව්‍යමය යෙදුමක් නැද්ද? සමාවෙන්න. මම කවියෙක් නොවේ.

    ReplyDelete
  2. ස්තූතියි අරෑ,

    ඇත්තට ම මටත් වචනයක් හම්බුණේ නෑ. තව ටිකක් හිතලා බලන්න...................

    ReplyDelete
  3. බ්බ්බ්බ්බ්බ්බ්බ්බ්බ්බ්බ්බ්බ්බ්බ්බ්බ්බ්බ්බ්බ්බ්බ්බ්බ්බ්බ්බ්බ්බ්බ්බ්බ්බ්බ්බ්බ්බ්බ්බ්බ්බ්බ්බ්බ්බ්බ්බ්බ්බ්බ්බ්බ්බ්බ්බ්බ්බ්බ්බ්බ්බ්බ්

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...