Saturday, August 24, 2013

සඳට කියූ කවිය .................. I


නිහඬ මැදියමේ
වෙලෙන මා සිතේ
සොඳුර නුඹ මගේ
සිහිනයක් ම වේ

ඇසුරු සැනෙකින් හමුවෙලා
රුසිරු පෙමකින් ලංවෙලා
වෙන් ව ආවත් තනිවෙලා
නුඹේ සිහිනය මගෙ වෙලා

සීත සුළඟක දැවටිලා
ලොවට රහසින් ලංවෙලා
සිහිනයේ නුඹ දැවටිලා
සරා සඳ මා නුඹෙ වෙලා

මගේ සිහිනයේ වෙලීළා
ඉඳිමු අපි හද බැඳීලා
හිරුගේ ලෝකෙදි වෙන්වෙලා
සඳුට ඉඩදී සැනසිලා

සොදුරු නෙත්යුග සිහිවෙලා
ඉන්නේ කෙලෙසද හිනැහිලා
සීත සුළඟක පැටලිලා
එන්න සඳවත මා සොයා ...............................


කාංචනා චන්ද්‍රසේකර

.

2 comments:

  1. ලස්සන කවියක්...................................

    ආදරය හැම වෙලාවෙම බලාපොරොත්තු එක්ක තමයි පවතින්නේ..

    ReplyDelete
  2. ලස්සනයී.........

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...