Wednesday, July 3, 2013

බැහැයි ඒ ටික වෙලාවකට විතරයි .................


සත්‍යය හැම වෙලාවෙම බොරුවෙන් අභියෝගයට ලක් වෙනවා.
බොරුව දිනාවි,
හැබැයි ඒ ටික වෙලාවකට විතරයි.

විශ්වාසය හැම වෙලාවෙම අවිශ්වාසයෙන් ප්‍රශ්ණ කරනවා.
අවිශ්වාසය දිනාවි,
හැබැයි ඒ ටික වෙලාවකට විතරයි.

උනන්දුව හැම වෙලාවෙම කම්මැලිකමෙන් බිඳ දමන්න හදනවා.
කම්මැලිකම දිනාවි,
හැබැයි ඒ ටික වෙලාවකට විතරයි.

සතුට හැම වෙලාවෙම අසතුටෙන් නැති කරන්න හදනවා.
අසතුට දිනාවි,
හැබැයි ඒ ටික වෙලාවකට විතරයි.

මිත්‍රත්වය හැම වෙලාවෙම ‍වෛරයෙන් ගිලගන්න හදනවා.
වෛරය දිනාවි,
හැබැයි ඒ ටික වෙලාවකට විතරයි.

අවංකත්වය හැම වෙලාවෙම කුහකත්ව‍යෙන් උදුරගන්න හදනවා.
කුහකත්වය දිනාවි,
හැබැයි ඒ ටික වෙලාවකට විතරයි.

ඒ ටික වෙලාව කොච්චරක්ද කියලා තීරණය වෙන්නේ,
ඔබ විසින් කරන නිවැරදි ක්‍රියාව සහ ඒ වෙනුවෙන් කරන කැප කිරීම මත ම පමණයි.

තුෂාර විතාරණ

.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...