Tuesday, June 25, 2013

අදක් නැති අපි කෝම හෙටක් ගැන හිතනවා ..................




මල් වැලක මල් පොට්ටු හීතලට ගුලි වෙලා.
වක ගැහුණු ගං තෙරට මල් සුවඳ ඉහිනවා.
පෙති අතර මල් තුහින සරා සඳ පතනවා.
බිඟු ගුඩඟ රැඳි ගීත දුකක් සේයා කළා.................

මෑත් වුණු උළු අතර දිලෙන තරු පෙනෙනවා.
හිල් ගැහුණු චීත්තෙට පොඩි එවුන් ඇදෙනවා.
පිය නොමැති මුත් මවක් තුරුල්ලට සිටිනවා.
දැනෙන දුක උතුරාන පි‍ටාරෙට ගලනවා .....................

අතීතය පෑල දොර විවර කොට දුවනවා.
වත්මනට ජීවිතය ගැටගසා අදිනවා.
අනාගත පැතුම් පොදි හිත කීරි ගැහෙනවා.
අදක් නැති අපි කෝම හෙටක් ගැන හිතනවා ..................


තුෂාර විතාරණ

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...