Tuesday, June 18, 2013

''මටම ද ඔය හිනාව"......................






වෙන කාටවත් හිනාවෙන ගමන් වුනත්,
ඇහිපියටත් හොරා යා වුණ ඒ නිල්මිණි දෑස.
එතනින් මුදෝගෙන ඔය හිනාව පිදුවේ මටම ද ?
එකම එක මොහොතකට නෙත ගැටුණ මටම ද ...............?

කොහොම කියන්න ද මට වුණ දේ ගැන,
හිත හීතල වෙලා, මට හිතාගන්න බැරුව ගියා.
හදගැස්ම දෙගුණ තෙගුණ කරපු ඔබෙන්,
අහන්න හිතුනා ''මටම ද ඔය හිනාව"......................

මට මතකයි තාමත් ඒ මුතු පොටේ හිනා පොද,
එක මොහොතකට වුණත් මං බයවුණ තරම.
ඇත්තමයි...ඒ නා දෙතොලේ හිනා කට,
ලස්සනයි ඔය ගෙලේ පැළදූ මුතු පොටට....................

මට සැකයි මටම ද කියලා ඒ හිනාව,
ඒ හින්දමයි මාත් හිනාවුණේ.
ඒත් ......  ඔය ඇසිපිය වසාගෙන ඔබේ නිල්මිණිය,
නැවත මුදනා වෙලේ නුඹ හිටියේ වෙන ලොවක......................


තුෂාර විතාරණ

.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...